ශ්‍රී ලංකාව තවත් අවමන් සහගත පරාජයක් ලබයි
ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 302ක දැවැන්ත ජයක් වාර්ත කිරීමට සමත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8ට ලකුණු 357ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 55ක් පමණි.
ඉන්දීය කණ්ඩායම හමුවේ පිට පිටම අවස්ථා දෙකකදී ශ්‍රි ලංකාව අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේය. අවසන්වරට ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම එකිනෙකාට මුණ ගැසුණු ආසියානු කුසලාන අවසන් මහ තරගයේදීද ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 50කට දැවී ගියේය.
ශ්‍රි ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියේ වූයේ කසුන් රාජිතයි ඔහු ලකුණු 14ක් වාර්තා කිරීමට සමත්විය.
පැතුම් නිශ්ශංක 0
දිමුත් කරුණාරත්න 0
කුසල් මෙන්ඩිස් 1
සදීර සමරවික්‍රම 0
චරිත් අසලංක 1
ඇන්ජලෝ මැතිව්ස් 12
දුෂාන් හේමන්ත 0
දුෂ්මන්ත චමීර 0
මහීෂ් තීක්ෂණ 12*
කසුන් රාජිත 14
ඩිල්ෂාන් මධුෂංක 5 ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්විය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 18කදී කඩුලු 5ක් දවාගත් මොහොමඩ් සාමි තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

